--- Vajrapani Indra උන්නාන්සේ ගේ බුද්දි අංසය හෙවත් තනි කකුලේ වික්‍රමය ---

--- Vajrapani Indra උන්නාන්සේ ගේ බුද්දි අංසය හෙවත් තනි කකුලේ වික්‍රමය ---
අපේ ඉංදිකයා කොරන එව්වා මටනං මෙලව හසරක් තේරෙන්නේ නැතුවාය. ඒකා මේ දවස්සල තව පොතක් ලියනවාය. ඒකේ නමට  "Vajrapani Indra උන්නාන්සේ ගේ බුද්දි අංසය හෙවත් තනි කකුලේ වික්‍රමය" කියා ඒකා මොන එහෙකට දැම්මාද කියා මටනං නිච්චි නැතුවාය. අපේ එකාට ඔල්මොරොන්දං ද කියලා වෙලාවකට හිතෙනවාය. ඒකාගෙං ඇහුවාම ඒකා විවිදාකාර කුනුහබ්බ කියෝනවාය. චමිලා කෙනෙක් උනානං බුලත් විටක් කටේ ඔබ්බවාගෙන දෙකොන වහං ඉන්ට ඕනෑයි කියා මේකා මට කියනවාය. ඒකා චමිලා කියන්නේ මටය. ඒ දැන් මං මැන්ටෙල් හන්දාය. තූහ් ඕකා..... ඕකා මයෙ මුනුපුරා හන්දාත් ඕකාගේ කටත් ඒතරං යහපත් එකක් නොවන හන්දාත් මිස මං මෙලහකටත් ඕකාගේ අම්මට.......මේ සේරෝම කියලාය. කෝම වුනත් අප මහා Vajrapani Indra උන්නාන්සේ පිහිටුවාගත් බුද්දි අංසයේ සෑහෙන වැඩකොටසක් කොරන්නේ මුදලාලි කෙනෙක් ය. ඒකා එසේ මෙසේ මුදලාලි කෙනෙක් නෙමේය. දබදිව බුදුන්නේ සේරෝම හිද්ද වෙනවා දෑහිං දැක්ක එකෙක් ය. ඒකා මේ රටේ ගංවල උපාසක උපාසිකාවං දබදිව එක්ක ගොහිං දෑහිංම එව්වා දැක්කා වාගේ විස්තර කොරනවාය. කොටිම්ම ඒකා අනාගතේ හිද්දවෙන එව්වාත් ටොපටම දන්නවාය. ඒකුං නොදැන අපේ එකෙද්ද මේකුං එක්ක ඉස්තරං දබදිව ටුවර් එකක් ගියාය. මේකලාගේ කෙලි සේරෝම ඒකා ලෙසටම බලාකියාගෙනය. මේකා හිටපු හැටියෙ නඩෙං අතුරුදන් වෙනවාය. ආයේ එනවාය. ඒකා අසිරිමත් එරිදි පරාතිහාරියවත් පානවාද කියා හිතෙන ගානටම ඒම වෙනවාය. වයසක උන්දැලාගේ වකුබඩුවත් මේකුං ගලෝනවාද කියා වෙලාවකට හැක උපදිනවාය. අපේ ඉංදිකයානං කියන්නේ ... ටිකක් ඉන්ටකෝ......කියාය.  මේ බුද්දි අංසෙ ගයිඩ් මුදලාලියා ගේ බුද්දිය හනුමාගේ එකමය. එක එක කෙරෙම පාවිච්චි කොරනවාය. එව්වා හෙන සූස්සම ය. එව්වා සේරෝම උතුං පන්සලකදී සැලසුං කොරන ඒවාය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ට ඒකා තොරතුරු දෙන්නේ රාමාට හනුමා හිටියා වාගේය. ඒකාගේ හපංකම් ද අපේ Vajrapani Indra උන්නාන්සේ ට දෙවෙනි නැත. ඒකා හෙනම ආද්දියාත්මික උත්තමයෙක් කියා ඒකාම එක එකාට  කියනවාය. ඒම කියලා හූටියුබ් කාරයිංටත් පට්ට විස්තර දෙනවාය. ඒම දුන්න ඒවා පිස්සු පීකුදු වෙනවාය. ඉස්සරාටත් දෙන්ට හිතාන ඉන්නවානං මේ ගයිඩ් මුදලාලි උන්නැහැ ඒ ගැන දහස්වර හිතන්ට උවමනාය. ඒකා ඉන්නේනං දැං සෝවාං වෙන ගමං වාගේය. ඒ වුනාට නූල් සූත්තර කාරයා ය. ඊටත් වඩා ඒකා හෙනම කුකුලාය. හිච්චි කෙල්ලංට හලී ලෙංගතුය. පුදුම කරුනාබරිතය. එව්වා මෙව්වා දැංම එලියට දාන්නේ නෑ කියලා අපේ ඉංදිකයා කියනවාය. ඒකලාගේ අනාගතේ තියෙන්නේ අපේ ඉංදිකයාගේ අතේ කියලා ඒකා නිතරෝම කියනවාය. ඔබන පෝන් එක ඇරුනුකොට ඒකා අතේ වෙන මොකක්වත් තියෙනවා මංනං දැකලා නැතුවාය. ඒ වුනාට ඕකා නිකම්ම දේවල් කියනවා වෙන්ට බැරුවාය. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටය කියනවාය. ඉංදිකයා ආවාම කාගෙ කාගේත් ඇත්ත මූනු ටික එලියට එනවාය. සමහර එව්වා ගෑනු ලමයින්නේ වාගේ උනාට සමහර එව්වංගේ ඒවා චාටර් ය. අතපය අඹරවන මහා විස්මිත යෝග දරුසනය වැඩූ උත්තමාවියං එක්ක ඒම බුද්දි අංසෙ ආද්දියාත්මික ගයිඩ් මුදලාලි ගහපු පොටෝ ඉංදිකයා ලග තියෙනවාය. 😬 කෝම උනත් සමහර එව්වංගේ මූනු බුකියේ චාටර් වෙන්ට ගත්තාම බාර්ලිමේන්තුවේ සමහර ලොක්කංගෙං පවා ඒ උත්තමයින්ට කෝල් එනවා ඒකාන්තය. ඒ තරමොටම ඒකලා එව්වං එක්කද හිතයිසීය. කෝමිං කෝමිං හරි මේකලා උන්නේ දායක සබාව ඉස්සරහ වාගේම සමහර එව්වං ඒකුන්නේ ගෑනු දරුවං ඉස්සරහා පවා  පදිරිවෙන කාලය වැඩි ඈතක නෙමේය. ඒකලා දාං ඉන්න කෝට් බෑයවල් විතරක් නෙමේය, යට කලිසං පවා ඉංදිකයා ගලෝනවාය. ඒ සේරෝම තීරනේ වෙන්නේ අප මහා Vajrapani Indra උන්නාන්සේ වරක් පරදාන බුකී වීරයින්නේ ඉදිරි කිරියාමාර්ග වලට සාපේස්සවය. 😉

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --