------ බඩු මතුවෙමින් පවතී 😂😂😂 ------

------ බඩු මතුවෙමින් පවතී 😂😂😂 ------



ජාතියක් නැගිටිනකොට බයබිරාන්ත වෙච්චි අපේ Vajrapani Indra උන්නාන්සේ අපේ ඉංදිකයා පොටෝ එක දාන්ට කලියෙංම ටික ටික එලියට එනවාය. දරුමය අවබෝද කොරලා නිවං යනවා වෙනුවට ඒ උන්දැලා පත්තු කොරගෙනම ඉන්නවාය. වැරැද්දක් කියවෙනවානං දහස් වර සමාවෙන්ට උවමනාය. දරුමය රකින්ට ආපු උත්තමයිං දරුමය කියන එකේ තේරුමක්වත් නොදැන දරුමයටම අබියෝග කොරනවාය. උන්නාන්සේ ලා දරුමය කියා හිතාන ඉන්නේ පොත්වොලිං කටපාඩං කොරපු එකක්ද කොහෙදෑය. උන්නාන්සේ ලා බලාපොරොත්තු වෙච්චි හැටියට මේ රටේ කොල්ලො කෙල්ලෝ කසාදයක් නොබැඳා බාවනා කොරගෙන බිම බලාගෙන ගෑනු පිරිමින්ට ආකරුසනය නොවී, පිරිමි ගෑනුන්ට ආකරුසනය නොවී වරිගයා බෝකිරීම හැදිගාවන්ට හදාපු පැලෑන් එකට රාවණා ඇවිත් කෙළියාය. ඒකුන් දැං කතාකොරන්නේ එකාට දරුවො පහ හයක් හදන හැටිය. මෙව්වා අපේ උන්නාන්සේලා ට බලා ඉන්ට බැරුවාය. පුල් ඉරිසියා උපදිනවාය. අපට තහංචිනං ඒකුන්ටත් කෙලවන්ට ඕනෑය කියා සියල්ල කලකිරවනවාය. එහෙම කලකිරෙන්නෙ නැති එකෙක් ඉන්නවානං ඒකා අමු ගොබ්බ මෝඩයෙක් කියා කියනවාය. ඒක,ඒකාගේ මොලේ අඩුපාඩුවක් කියනවාය. බුදුන්නාන්සේ ගේ පරතිමා දා ගෑනුන්නේ වාගේ හැදුවේ නිකම්ම  එව්වා මෙව්වා නිසා නෙමේය. සිවුරුපොට ඇඟට දාගත්තේ මොකකටද කියාවත් උන්නාන්සේලා දන් නැතුවාය. නිවං මග වඩනවා කියා කොච්චරවත් පත්තුවෙච්චි ගමංය. හොර පේස්බුකි හදාන, බොරු නං දාගෙන නිවන් දක්කන්ට උන්නාන්සේලා හෙනම දස්සය. එව්වා කොරන්නේ සම්බුද්ද සාසනේ චිර ජීවනය පතාය. හැසිරීමනං සිද්දාර්ත උන්නාන්සේ ගේ ක්ලාස්මේට්ලා වාගේය. ඒ උනාට දන්නා කෙහෙල්මල් දරුමයක්වත් නැතුවාය. උන්දැලා දන්නේ ඉගෙනගත්තු පොත විතරය. ඉං එහා හිත හදාගැනිල්ලක් ගැන මෙලව හත්තිලව්වක්වත් උන්දැලා දන්නේ නැතුවාය. ඒ වෙනුවට චැනල් දාගෙන නලුවෝ වෙනවාය. ඒවාට සල්ලි දෙන්ටැයි ( දායකත්වය දක්වන්න ) හිගමනේ යනවාය. පුදුම දරුමය රැකිල්ලක් ය. බුදුන්නාන්සේ ට කාලය බලා පහලවන්ට තිබ්බේ මේ උන්නාන්සේලා පහලවෙන කාලයේය. එහෙනං උන්නාන්සේලාගේ චැනල් එකෙන් දරුමය දේසනා කොරන්ට තිබ්බාය. ගම්නියම්ගම් සිරිපතුල් රිදෙනකං මහා කරුනාවෙං වඩින්ට උවමනා නොවෙනවා සත්තකය. එහෙනං ජේතවනාරාමෙටම ට්‍රාන්ස්පෝට් එක එනවාය. දේසනාවෙං පස්සෙ එන්ලොප් එකකුත් ලැබෙනවාය. තමන්ගෙ වාහනේක වැඩියානං පැට්ටෝල් එලවන්ස් එක දෙනවාය. අප මහා බුදුන්නාන්සේ, "කාලය" බලද්දී වැරදුනාවත්ද කියාත් මේ උන්නාන්සේලා එක්ක බලද්දි හිතෙනවාය.🤔🤔🤔
මේ උන්නාන්සේලා දරුම උන්නාන්සේලා නොමේය. චැනල් උන්නාන්සේලා ය. කට පාඩං කොරපු දරුමේ දේසපාලනේ වාගේ තර්ක කොරනවාය. ඒක නිකම්ම දරුමයක් නෙමේය. මහා කරුනාවෙං අනෙක් එව්වන්ට කෙලවීමේ අසිරිමත් දරුමයක් ය. උන්නාන්සේලා ගේ දරුම දේසනාව අහලා අපි පැහැදෙනවද නැද්ද වාගේ එව්වා ඒ උන්නාන්සේලා ට අදාල නැතුවාය. උන්නාන්සේලා ගේ දරුමය ඇහුවානං පැහැදෙන්ටම උවමනාය. එහෙම නැති එකාලා පව්කාර අමන හැත්තක් ය. ගිහි එව්වං ගැනත් වෛරයක් තියාන, බුද්ද දරුසනේ ගැනත් සැක තියාන උන්නාන්සේලා වඩින්නේ කොහේද කියා මං තාම හිතනවාය. ඒ උන්නාන්සේලා ගේ දරුමය ඒ උන්නාන්සේලාටම සුවර් නැතුවා වාගේය. ඒ නිසා ඒක රකින්ට හෙනට තටමන්ට උවමනාය. ඒක රකින්ට හොර පේස් බුකි හදාල වැලලෙන්ට හදනවාය. හිච්චි එව්වං කොයි රෙද්ද අස්සේ රිංගුවත් ඒකලාගේ මොලේ හැදෙන්නේ නැතුවාය. රෙද්දේ හැඩේට, පාටට මොලේ පහල වෙන්නේ නැතුවාය. ඒකලාට හිත හදාගන්ටත් බැරිය. අනික් එව්වන්ට හදාගන්ට දෙන්ටත් බැරුවාය. ඒකලාගේ අදහසේ හැටියට අනික් එව්වං හිටින්ට උවමනාය. මොලේ පරීස්සා කොරන දොට්ට කෙනෙක් හම්බ වුනානං ඒ උන්නාන්සේලා ට ඇත්තේ පිස්සුවක් බව තේරුංකොරනවා සත්තකය. දරුමය බලෙං, අපහාසයෙං, නින්දාවෙං තේරුං කොරන මේ උන්නාන්සේලා බුදුන්නාන්සේ හිටියානං මෙලහකටත් එලවලාය. එහෙනං මුන්නාන්න්සේලා දේවදත්ත උන්නාන්සේ එක්ක සෙට්වෙලා චැනල් එකකුත් මෙලහකට දාගෙනය.🤭🤭😂😂 උන්නාන්සේලා ගේ හැටියට උන්නාන්සේලා දේසනා කොරන දෙයක් අවිවාදයෙං පිලිගන්ට උවමනාය. උන්නාන්සේලා දැක්කාම හිට්ලර් උන්නැහැ, ඉඩි අමීං උන්නැහැ පොල්පොට් උන්නැහැලාට මේ ආකාර ‍රෙද්දක් පොරවලාද කියා හිතෙනවාය. 😮 ඒ තරමට දරුමය පරජාතන්තරවාදීය. මානව හිතවාදීය. බුදුන්නාන්සේ මේ රටේ කිවුවාම කලබල වෙනවාය. මොකෝ චැනල් එකෙන් පබ්ලිසිටියක් දීලා දබදිව එක්ක යන කෙරුවාවට නැත්තං කෙලවෙනවාය. 😬😬😬  බුද්දගයාව කෝවිලක්වත් කියා ඒ උන්නාන්සේලා ට පේන් නැතුවා වුනාට මොකක්වත් නොකියා හුජ්ජ කොල්ලෙක්ගෙන් ඇහැව්වොත් මේ මොකද්දැයි කියා ඒකා කෝවිලක් කියනවා ඒකාන්තය.😂 කොහොමත් මේ උන්නාන්සේලාට ඉංදියාව පට්ටම රටකි. ☺️ උං පාර දිගේ වාඩිවෙලා එක පෙලට රිරී හිටියත් එව්වා පිච්චමල් සුවඳය.💩🌸 ඒක මේ රට වාගේ හිඟන රටක් නෙමේය. මේකෙ ඉන්නේ ගොබ්බ හැත්තක් ය. දාරුසනිකයෝ පහලවෙන්නේ අර ජංගිය වාගෙ රටෙං ය. හැබැයි මුන්නාන්න්සේ ලා එහෙ පදිංචියට වඩින් නැතුවාය. ඒම වැඩියොත් බිස්නස් එකට කෙලවෙනවාය.😬 මෙහෙ ඉන්න එව්වං ඇන්ඳවීම ඉතා පහසුය. එව්වා පිලිගන්නේ නැතුව එඩිතර වෙන්ට හදන එව්වං හැදිගෑම උන්නාන්සේලා ගේ එකම දරුමය ය. එව්වාට චැනල් එක බලන උන්නාන්සේලා ගේ සෙට් එකක්ම ඉන්නවාය. කොයි එකාටත් නිදාගන්ට යනකොට සැනසීමක් නැතුවාය. හෙට කෙලින්නේ කාටදැයි පත්තුවෙලාය. 😳 නිවං තියා ඒම වැදගැම්මකට නැති එකක් හිතන්ටවත් උන්නාන්සේලා ට කාලයක් නැතුවාය. ප්‍රෝගෑම්ස්, ෆේක් බුක් එකවුන්ට් එක්ක පට්ටම බිසීය...😂😂😂 මේ සාසනේ ඇතුලේම එව්වං විනාස කොරනවා කියා
බුදුන්නාන්සේ කිසියම්ම තැනකදී හරි දේසනා කොරලා තියෙනවානං ඒ මේ චැනල් උන්නාන්සේලා ගැනම මිස වෙනිං කවුරුවත් ගැන නෙමේය. ඒකුං හිතාන ඉන්නේ ඒ කියැව්වේ පිටිදූවේ සිරිසමන්තබද්‍ර උන්නාන්සේ ගැන කියලාය. ඒ උන්නාන්සේ ගේ දේසනාවක් ඇහුවාම හිතන්ට දෙයක් තියෙනවාය. 🙏වයිරයක් ඇතිවෙන්නේ නැතුවාය.😇 මේකුන්නේ ඒවා ඇහුවාම මල පනිනවාය. 😠 අනික් එව්වන්ට හමන්නන්ට හිතෙනවාය.👺 ඒ තරං එව්වා සද්දරුමය වෑහෙනවාය. දැං උන්නාන්සේලා ගේ හමුවේ තියෙන විසාලම පුරස්නය රාවනා රජ්ජුරුවෝ ය. ඒකට කෙලියේ නැත්තං අර බුදුන්නාන්සේ ලංකාවේ කියන එව්වං වලක්කන්ට බැරිවෙනවාය. මේක කියවන තොපිලා නිකමට මෙහෙම හිතපියව්. බුදුන්නාන්සේ ලංකාවේ කියලා කියන්නේ බොරුවක්නං ඉතිං ඒකට දරුමය දන්නා උත්තමයෝ කලබල වෙන්ට කිසිම උවමනාවක් නැතුවාමය. අට ලෝ දහමිං කම්පා වෙන්ට නරකමය. ලංකාවේ බුදුන් උපන්නාම කියා හිතපලා. යකෝ කාටද ආඩම්බර.🙀 අපිට කෙලවෙනවද....නෑ බොලව්...අපිට බුද්දාලම්බන පිරීතිය ඉවසගන්ට බැරිවෙයි.....😍😍😍 ඒකට අප්සැට් යනවානං යන්ට උවමනා කාටද 🤔🤔🤔🤔
ආන්න බලාපියව්...දබදිව වන්දනා මුදලාලිලාට කෙලවෙනවා නෙමේද....😬😬😬 දැන් මේ ජාතිය ගැන කිබුල් කදුලු හල හලා බුදුන් ඉංදියාවේමයි කියා අඬාවැටෙන්නේ කවර ගනයේ උත්තමයෝ ද කියා උබලාට පැහැදිලි වෙන්ට උවමනාය. 👌 බුදුන්නාන්සේ ඉන්දියාවේනං ඉතිං අපට ආඩම්බර වෙන්ට කිසියම්ම දෙයක් ඒකේ නැතුවාය.😢 ඒකෙන් ආඩම්බර වෙන්ට ඇහැක්කේ පරබහාකොරන් කාරයාගේ දෙමළ කොටි හැත්තට ය. 🐆 තොපිට දහමක් දුන්නේද අපිමයි කියලා ඒකුං ට කියන්ට පුලුවන් ය. මේ උන්නාන්සේලා ගේ අල ගෙඩි තරං මොල ගෙඩි බුද්ද චීවරේ දැරූ පමනිං ලබු ගෙඩි සයිස් එකට මහ වෙන්නේ නැතුවාය. ඒ හින්දා කියන කියන එව්වා අහගෙන සාදුකාර දෙන එව්වං දැං මේ රටේ හොයාගන්ට ඒ උන්නාන්සේලා ට අමාරුවෙනවාය. 😂😂😂
දැං ඉන්නේ පුරස්න අහන එව්වංය. දැං ඉන්නේ, මම නිදුක් වෙත්වා කිවුවොත්, ඒනං මම කියා එකෙක් නෑ කිවුවෙ ආතල් එකටදැයි කියා අහන මහ කඩප්පුලි එව්වංය. 😉 ඒ නිසා උන්නාන්සේලා ට උවමනා හැටියට එව්වං ආංබාංකොරන්ට දැං අමාරු බව අවබෝද කොරන්ට වෙනවාය. සේට්ට ජාතියක් නිවට කොරන කූට උපක්කරුමය කියා ලියා තිබ්බ හින්දා මාත් බැලුවාය. බලනකොට බඩු මාට්ටු ය. තව ඉස්සරහාට එලිපිටම නටන්ට වෙනවාය. එතකොට ඔය පාට පාට රෙදි පල්ලේ හැංගිලා බේරෙන්ට බැරිවෙනවාය. හාන්දුරු කෙනෙක් වුනාම යන්ට උවමනා මග මොකද්ද කියා මිනිස්සු පුරස්න කොරනවාය. එව්වා නැතුව ගේමෙං ආවොත් උන්නාන්සේලා බුද්ද සාසනයට කෙසේවෙතත් උන්නාන්සේලාට වැඩේ සිද්ද කොරගන්නවාය. මං කියැව්වොත් දෙතුන් පාරක් මුන්නාන්න්සේ ලා හිතන්ට උවමනාය. මෙව්වා නිකම්ම කියනවා නෙමේය.😉
සම්බුද්ද සාසනේ රකින්ට උවමනානං මුලිංම තමං දරුමයේ හැසිරෙන්ට උවමනාය. සංගයා වහන්සේවද ගිහියන් ද කොටවන මුන්නාන්න්සේ ලා සිවුර අස්සට වී කොරන්නේ ගිහියං කොරන එව්වාය. ඒම වුනොත් ඇඳං ඉන්න රෙද්ද අමතක කොරන්ට මේ රටේ එව්වං කටයුතු කොරනවා ඇත. ඇතුලෙ ඉන්න එකාව අල්ලාන හොම්බට ගහන්ට තරං වුනත් මේ රටේ එව්වං මුන්නාන්න්සේ ලා කියන හැටියටම ගොබ්බයින්‍ ය. සිවුර දැරුවානං පව් නොදී මුන්නාන්න්සේ ලා ද නිවන් මග වඩා අපටත් කියන්ට උවමනාය. එව්වා නැතුව හොර පේස්බුකි හදාන වැලලෙන්ට හදා කෙලවාගත්තාට පසුව පස්සෙංපහු ඕං හාන්දුරුවන්ට මේකලා කතාකොරන්ටවත් දන්නේ නැතුවායැයි කියමින් මකබෑවෙන්ට හදන්ට එපාය. මුන්නාන්න්සේ විතරක් නෙමේය. මුන්නාන්න්සේ ගේ මහ උන්නාන්සේටත් ඒක ඇඟට ගුනය. බලෙම්ම හැප්පෙන්ට එනවානං ඉතිං තව ටික දවසක් කොරලා බලන්ට.දායක සබාවට අවබෝදය පහල වුනාම මාලිගාවෙං පල්ලෙහෑට වඩින්ට වෙනවාය.ඒම නැතිවුනොත් උන්ම වඩම්මනවා ඒකාන්තය.🤭🤭🤭
කස්සප උන්නාන්සේ ...!!!
ඔබ වහන්සේට කියන්ට තියෙන්නේ මෙච්චර ය. දැරුමයේ හැසිරෙන්ට. එතකොට දරුමය අවබෝද වෙයි. අවබෝද වුනොත් අපිටත් කියන්ට. ඔබවහන්සේගෙං වෙනින් එකක් කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැත. ගිහි පුරස්න එක්ක හැප්පෙන්ට උවමනානං ඩෙනිමක් ටීෂර්ට් එකක් දාගෙන එන්ට.😂 මුන්නාන්න්සේ ට ජාතිය් ගැන පැහැදිලි කොරන්ට අපේ ඉන්දිකයා එනවා ඒකාන්තය.🤹️  බල්ලාගේ වැඩේ බූරුවා නොකල යුතුය. බල්ලා පිදුරු නොකනවානං කන ගොනාට දෙන්ට උවමනාය. ඔබවහන්සේට දරුමය හරිහැටියට අවබෝදවේවා කියා පරාර්තනා කොරන්ට හිතෙනවාය.....
Will be continue ......😉

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --