--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ කෙහෙල් කැන ---

--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ කෙහෙල් කැන ---

හොරාට කලිං කෙහෙල් කැන වැට පනිනවා කියා කතාවක් අපේ ගංවල එව්වං කට කහන හන්දා කියා තිබෙනවාය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ කෙහෙල් කැනද උන්දාට කලියෙං වැට පැනලාය. මෙව්වා කොයි හිතිං ලියන්ටද කියා වෙලාවකට හිතෙනවාය. කිරිබත්ගොඩ ඥානානන්ද හිමි කිව්වද බොරුව බොරුවම බව අපේ උන්නාන්සේ කියා තිබෙනවාය. මට කතාවක් මතක්වෙනවාය. තාත්තා කසිප්පු පෙරලා පොලෝසියෙං පන්නනකොට ගෙදර දුවං ඇවිත් පෙට්ටගමේ හැංගිලා හිංචි එකාට කිවුවලු තාත්තා පෙට්ටගමේ ඓහෙම ඉන්නවා කියනවා නෙමේය කියලා. පොලෝසියෙං ආවාම ඒකා ගත් කටටම තාත්තා පෙට්ටගමේ නා කීවාය. පොලෝසියෙං අරකාගේ කං කෙටියෙංම අල්ලාගෙන ගියාය. Vajrapani Indra උන්නාන්සේ ට ද වෙලා තියෙන්නේ ඒම එකක් ය. අපේ ඉන්දිකයා ලග තියෙන පොටෝ ටිකෙන් එකක් දෙකක් දැම්මාම Vajrapani Indra උන්නාන්සේ කිරිබත්ගොඩ හාන්දුරුවන්නේ කවුද කියා මාට්ටුවෙනවාය....😁🤭 අප්පටසිරි....මගෙත් කෙහෙල් කැන වැට පැන්නාද කොහෙදය......😬😬😬.... දැං ඉතිං ඉංදිකයාගෙං විසුමක් වෙන එකක් නෑය. අපි මේ කතාව වෙන අතකට හරවගන්ට උවමනාය......අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන හැටියට කිරිබත්ගොඩ ඥානානන්ද හිමි කිව්වද බොරුව බොරුවම ය. ඒවා දේව වාක්‍ය නෙවෙයි ය. දේව වාක්කිය වන්නේ අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන එව්වාය. එව්වා වරදින්නෙ නැතුවාමය. ලෝකේ හොද නරක දන්නේ ඒ උන්නාන්සේ විතරක්මය. වැරදි සේරෝම උන්නාන්සේ ගේ දිවිය නේත්තරේට පේනවාය. තව ටික දවසක් ගියාම අපේ උන්නාන්සේ මෙහෙමත් දාන්ට ඉඩ තියෙනවාය. " බුදුන්නාන්සේ කිව්ව ද බොරුව බොරුවමය". 😂😂😂 ඒ හන්දා මේ බුකියේ එව්වං දැනගන්ට ඕනෑ එකක් තිබේ. ඒ නං, "අප මහා Vajrapani Indra උන්නාන්සේ බොරුවක් කිව්වද ඒක ඇත්තක්මය". ඒම කිවුව ඇත්ත ගොඩාක් ඒ උන්නාන්සේ ගේ බුකියේ තාම තියෙනවාය. ඉංදිකයා ආව හැටියේ උන්නාන්සේ ගේ සත්තිය එකිං එක කියනවාය. මං කඩප්පුලිකොමට කිව්වාට ඒකා සේරෝම කියන්නේ සත්තිය මූලාස්සර ඇතුවය. රිපෝට් ගගහා මකබෑවෙන්ට හදන්නේ නැතුව අපේ උන්නාන්සේ අහන එව්වාට උත්තර දෙනවානං හොඳය. කෝමත් දැං ඉතිං දෙකකින්ම කෑම සෙට්වෙලා හින්දා Vajrapani Indra උන්නාන්සේ ගේ බඩ කට හෑම දිනකම පිරෙනවාය.උන්නාන්සේ ගේ බුකී අනුගාමික ගං කබරයිංට උන්නාන්සේ ලියන එව්වා ගැම්මට තියෙනවා වාගේ පේනවා වෙන්ට ඇහැකිය. ඒ උනාට මොලේ කලදක් තියෙන එව්වං ද මේකේ ඉන්නවාය. ඒ උනාට අප මහා Vajrapani Indra උන්නාන්සේ ට ඇර වෙනිං එව්වන්ට මොලේ තියෙනවා කියා හිතන්ටත් අමාරුය. ඒම උනොත් අපේ උන්නාන්සේ , අනික් එව්වං ට මොලේ කියා එකක් නැතිබව සත්තිය මූලාස්සර වලිං ඔප්පුකොරන්ට පුලුවං වෙනවාය. එව්වා හෙන විද්දියාත්මකය...😂😂😂 උන්නාන්සේ ගේ විද්දියාත්මක පරියේසනයක් එක්ක ආයෙ මං එනවාය......😉

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --