-- Vajrapani Indra උන්නාන්සේ සහ සුදු උන්නැහැ --

ඔන්න එකෝමත් එක කාලෙක දරුවොනේ දූපතක් තිබ්බාය. ඕකට හුජ්ජෝ ( සුද්දෝ ) කඩාපාත්වෙලා මහා වින්නැහියක් උනාය. දැං එව්වා සිද්දවෙලා අහවරවෙලා අවුරුජු හැත්තෑවොකටත් එහාය. දැං ඒ දූපොත හෙනම ආතල් ලන්තයක්මය. ඒකේ මිනිස්සු වරිග තුනක් ඉන්නවාය. එක එව්වං පිරිසක් ජම්බු පීපල් ලාය. අනික් එව්වං රාවන පීපල් ලාය. තුන් වෙනි උත්තමයිං නම් අප මහා Vajrapani Indra උන්නාන්සේ වරක් ප්රදාන මහා නුවනැති පරම්පරාවය. ඉතිං දැං ජම්බු පීපල්ලා සහ රාවණ පීපල්ලා එකට සෙට්වෙලාය. උං කොහොමද මෝඩයෝ හන්දා එකට සෙට්වෙන්ට ලේසිය. අප මහා Vajrapani Indra උන්නාන්සේ වරක් ප්රදාන මහා මොලකාර උත්තමයිං වෙනම අතකය. අර එව්වං කියන ආකාරයට හුජ්ජා මේ රටින් ඒරොප්පේට වඩින විට මේ රටේ එව්වන්නේ හෑම රෙද්දක්ම උස්සං ගිහිං ය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ටනං මෙව්වාට , යට මුඛයෙනුත් හිනා පහලවෙනවාය. හුජු මහත්තැන්ලාට මේ රටේ අමනයින්නෙං ගෙනියන්ට ඇති බිබික්කොමක්වත් තිබ්බේ නැත. අඩුම වසයෙං ගෑනු උඩටවත් ඇන්දේ නැතිකොට ගෙනියන්නේ අහවල් එකදැයි ජම්බු හා රාවණ පීපල්ලා හිතාබැලිය යුතුය. උං මකබෑවෙන්ට හදන්නේ සකල සම්පත්තියම හුජු උන්නාන්සේලා හොරකං කොරගෙන ගියා වාගේය. එහෙම උලව්වක් හිද්ද වුනේ නැත. උනානං අප මහා Vajrapani Indra උන්නාන්සේ ඒ වගක් නොදනගන්ට හේතුවක් ද නැත. දැං තොපේ කඩප්පුලිකොමට රාජසිංහ රජ්ජුරුවන්නේ පුටුවත් හුජ්ජා කුදලාගෙන ගෙහුං ගෙනත් දුන්නා ඔබවහන්සේ නොදුටුවාදැයි වගේ එව්වා අහනවා එහෙම නෙමේය. එව්වා නිකං වැඩකටනැති ජම්බු හා රාවණ පීපල්ලාගේ අමන කතාය. උන්නාන්සේ කියනහැටියට හුජ්ජා කිසියම්ම දෙයක්වත් මෙහෙං ගෙනිච්චේ නැත. ඒ හුජු උන්නැහේලා පුළුවන් තරං මෙහාට දුන්නාමය. රේල් පාර දුන්නාය. ඒකේ උඩ දුවන්ට කෝචිචි පෙට්ටි දුන්නාය. බාසාව දුන්නාය. නම්බු නාම දුන්නාය. රට පාලනය කොරන්ට හැටියක් කියා දුන්නාය. එච්චරකිංද නවතින්නේ නැතුව මේ රටේ ගස්ගඳ ගගහා හිටපු ගෑනු හැතිකරේට බඩවල්ද දුන්නාය. ඒ උත්තමයින්ට දාව ඉපදුනු වාසනාවන්ත පරම්පරාවක් දුන්නාය. එහෙව් අබිමානවත් පරපුරකිං පැවතෙන අප මහා Vajrapani Indra උන්නාන්සේ හුජු උන්නැහේලා ගැන දොසක් කියන්ට කවරදාවත් හීනෙකිංවත් හිතන්නේ නැත. හුජු මහත්තුරුංට අවලාද කියන ජම්බු සහ රාවණ පීපල්ලා හැඳිගාවන්ට ඇත්තං උන්නාන්සේ ඒ ටික මෙලහකටත් කර හමාරය. ජම්බුවං හා රාවනකාරයිං මේකෙ එව්වංගේ මොරාල් හැදුවොත් හුජු උන්නැහේලාට යන කලදසාව මොකද්ද කියා ඒකුං හිතන්ට උවමනාය. එව්වා මෙව්වා හන්දා ජම්බු හා රාවන පීපල්ලාට කෙලවා මිස ගොඩයෑමක්නං නැතිය. හුජු මහත්තැන්ලා මෙහෙං අරං ගිය ඇටිකෙහෙලක් නැත. එහෙම ගෙනිච්චානං ඒක අප මහා Vajrapani Indra උන්නාන්සේ දන්නවාමය. උන්නැහැලාට නිස්කාරනේ අවලාද කතා කියා පව්පුරෝගන්ට තොපිට ලැජ්ජානැතිය. ඉස්සරාහටත් අප මහා Vajrapani Indra උන්නාන්සේ හිංගලයන්නේ ලබ්බවල් ගැන නොව, හුජු මහත්තැන්නේ නමට කැලලක් වෙන දෙයක් කොරන්ට එක ජම්බු හා රාවන පීපල් කෙනෙක්ටවත් ඉඩ නොදෙනවා සත්තකය. ඒ අතිං අප මහා Vajrapani Indra උන්නාන්සේ වගේ උත්තමයිං ලබන්ට රටක් ජාතියක් පිංකොරන්ට උවමනාය.

ඇඩෝව්....Vajrapani Indra. වරෙං එක්ක හැප්පෙන්ට. උබ මේ ඉංදිකයා අල්ලාගත්තාට උගෙ ආච්චිව අල්ලන එක කොරන්ට බැරිය.. :)
ReplyDeleteVajrapani Indra. කියන හැටියට ඒකාගේ පරිනාමේ හරිනං, කකුසඳ බුදුන්නාන්සේ ගල් දෙකක් මැද මැදා හෙලිබැල්ලෙං ගින්දර අපුල්ලන්ට උවමනාය. කෝනාගමන බුදුන්නාන්සේ හරක් දක්කාන තනබිං හොයමිං යන්ට උවමනාය. කාස්සප බුදුන්නාන්සේ දුකසේ ගංගා නිම්නයක් ලග කුඹුරක් කොටාගෙන ඉන්ට උවමනාය. .. Haaa haa.. EEkaaaa maru keellaaa...
ReplyDelete