අප මහා Vajrapani Indra උන්නාන්සේ වැඩලාය.

අප මහා Vajrapani Indra උන්නාන්සේ වැඩලාය. පස්වනක් පිරීතියෙං අපි පිනා ගියාය. උන්නාන්සේ අප්පටසිරිවෙන දේසනාවක් කොරලාය. ඩිංගිත්තක්වත් අසිට්ට වෙලා නෑය.ෆුල් සිට්ටසම්පන්නය. ආසාවේ බැරිය. අලුත් දේසනාව ලියන්ට කොයිතරං පරියේසනයක් කොරන්ට ඇත්ද කියා හිතාගන්ට පුලුවංය. දවස් ගානක්ම ගියාය. ඒත් උන්නාන්සේ බනින්නේ රාවණාකාරයින්ටය. උන්ට නොබැන කොහොමත් බැරිය. ඒකලා හදන්නේ මේ රට ලෝකේ උතුංම රට කොරන්ටය. අප මහා Vajrapani Indra උන්නාන්සේ එක්ක එව්වා වානා ය. එහෙම එකක් උනොත් ඉඳලා වැඩක් නැත. බුදු හාන්දුරුවෝත් ඉන්දියාවට පටවා ඇත්තේ ඒ හන්දාය. අපට වැඩක් නැතුවාය. අපි ආඩම්බර වෙන්ට ඕනෑවන්නේ Vajrapani Indra උන්නාන්සේ කියන හැටියටම වෙන රටවල එව්වංගේ දේවල් වලිංය. මේ රටේ තියෙන්නේ ගල්ගුහා විතරය. එව්වායේ රිංගන්ට ඇහැක්කේ සරුපයිංට ය. ඒ තරමොටම අප මහා Vajrapani Indra උන්නාන්සේ එව්වායේ රිංගා පලපුරුදු තියෙනවාය. ලෝක සිතියමේ ජංගිය වාගෙ රටේ එව්න්ට තියෙන ඉතිහාසයක් මේ රටේ ඉන්නා අමනයින්ට නැති බව සහසුද්දෙම්ම දන්නේ උන්නාන්සේ විතරක්මය. ඇමරිකානු ජාතික ලෙවිස් මෝගන් වාගේම එංගල්ස් යමක් කියා තිබෙනවානං එය පුරස්න කොලයුතු නැත. ඒ සුදු මහත්තුරුං සියල්ල දන්නවාය. උන්නැහැලා සරුවත්ඤතා ඥානයෙං යුත්තය. ගල් යුගය, දඩයම් යුගය හා කාර්මික විප්ලොවය ආදිය පිලිවෙලිං සිද්දවෙනකොට අපේ උන්නාන්සේ ඒවා දෑහිංම දැක්කාය. එංගල්ස් පල්ලාය. සිට්ටාචාරගත සබ්බිය මිනිහා බිහිවුනේ ඊට පස්සේය. රාවනා එව්වං කියන හැටියට එව්වං මේ පරිනාමයට අදාල නැති අමුතුම එව්වං ය. "ගොබ්බ රාවණා පචෝරිස්ලා" වගේ වචන දැං උන්නාන්සේ පාවිච්චි කොරන්නේ නැත.දැන් එව්වං රාවණා රැල්ලේ ගරු සාමාජිකයං ය. ඒ උන්නාන්සේ දැන් ගල් යුගය පහුකොරං කාර්මික විප්ලවය සිද්දකොරගෙන ඇති හන්දාය. දැන් හෙනම සිට්ටසම්පන්නය. දැන් අසිට්ට අනික් එව්වංය.ගල් යුගයේ අසිට්ට මානවයං පොලුමුගුරු වලිං එක එකාට තඩිගහගන්නකොටත් අප මහා Vajrapani Indra උන්නාන්සේ ඒවා දෑහිංම දැක්කාය. ඒ නැතත් ඇමෙරිකාවේ සුදු මහත්තැං එහෙම කියනවානං අපේ උන්නාන්සේ එව්වාට වාද කොරන්ට යන්නේ නැත. එච්චරකටම සිට්ටසම්පන්නය. සබ්බිය විදියට වාදකොරන හැටි ඒ උන්නාන්සේ ආදුරුසමත්ව දේසනාකොරන හැටියට දෑහිං දෙහිගෙඩි මිරිකන්නා වාගේ කදුලු සටපටගා වැටෙන්ට ගන්නවාය. මේ තරං සබ්බිය උන්නාන්සේ කෙනෙක් මේ ලෝකේ තවත්නම් පහලවන්නේ නැත. රාවණ පිරිස තුළ මේ වාග් සබ්බියත්වය තිබේද කියා උන්නාන්සේ අබීත සීහ නාදයක්ද පාලා තිබෙනවාය. නැතුවාමය. පතිරාරච්චි වාගේ එකෙක් ගත්තාම ඒකා කට ඇරිය වෙලාවේ ඉදං අම්මා මුත්තා වෙනකං පලු අරිනවාය. එව්වන්නේ කට සබ්බිය නැත. එකම සබ්බිය සිරි මුකය ඇත්තේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ට පමනමය. මිනිසුන්නේ චරිතය ගාතනය කිරීම ගැන් උන්නාන්සේ තරං දුක්වෙන උන්නාන්සේ කෙනෙක් තව නැත. ඒ උන්නාන්සේ රහසිංවත් පව් නොකරන හන්දාය. රාවණා පචෝරිසයෙකු වෙච්චි ගයාංගේ හාඩ්වෙයාර් එකක් කියා එකක් ගැන ඒම උන්නාන්සේ මහා සබ්බිය විදියට ලියා තිබෙනවා අප දැක තිබෙනවාය. පිටිදූවේ සිරිදම්ම උන්නාන්සේට හොටුධම්ම කියා කීවේද පරිනාමවාදයේ සබ්බියකොම පෙරදැරිකොරගෙනය. පතිරආරච්චි උන්නැහැට ලොරි ඩැයිවරයායි කීවේද සබ්බියකොමේ හොඳකොම නිසාය. අංගංකාරයින්නේ රෙදි ගැලෙව්වේද ජාතියේ උන්නතිය පතාය. ඒ අතිං උන්නාන්සේ තරං සබ්බියවන්තයෙක් තුං ලෝකේම නැතුවා සත්තකය. උන්නාන්සේ කියන හැටියට මේකලා උන්නේ මත ඉවසන්නේ නැති එව්වංව වාචික හිංසනයෙං පෙලනවාය. බලන්ට කොයිතරං උන්නාන්සේ මානසිකව පෙලෙන්ට ඇතිද......ඒම කොරන්ට නරකය. අපේ ඉන්දිකයානං කියන්නේ උන්නාන්සේ ගේ පරම්පරාවේ උන්දැලාගේද වීරකම් තියෙන බවය. එව්වා ඌ ආවාම කියන්ට ඉන්නවාය. මං එව්වා දන්නෙ නැත.තත්කාලීන සන්නිවේදනය බාවිතයේ සිට්ටකොමගැන උන්නාන්සේ හිතන්ට තිබ්බේ මීට පෙරය. එහෙනං දරුම දේසනාවක් කොරගෙන යහතිං ඉන්ඩ තිබ්බාය. දැං ඉතිං අපි උන්නාන්සේ වෙනුවෙන් අවසං හුස්ම හෙලන තුරා ඉන්නවාය. ආරස්සා කොරනවාය. උන්නාන්සේ අර්නස්ට් හේකල් නං ජීව විද්දියාඥයාගේ " වංශ ප්‍රවේණිය ව්‍යක්ති ප්‍රවෘත්තිය පුනරාවර්ජනය කරයි " කියන නීතියක් ගැන දේසනා කොර තිබෙනවාය. මටනං මෙලෝ හත්තිලව්වක් තේරුනේ නැතුවාට උන්නාන්සේ ගේ අසිරිමත් අවබෝදතා ඥානය ගැන පුදුමවෙන්ට ඕනෑය. ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සෙට්වී දරුවෙක් බිහිවෙනකං සීන් එකෙංද උන්නාන්සේ පරිනාමය කියා තිබෙනවාය. එව්වා ඔය රාවණ රැල්ලේ සාමාජිකයින්ට 🤭😂 .... තේරෙන්නේ නැතුවාය.  උන්නාන්සේ ට අනුව රාවණා එව්වන්ට ඇත්තේ ලදරු මානසිකත්වයක්‍ ය. උන්නාන්සේ තරං උං පරිපූර්න වෙන්නේද නැත. කොටිංම එහෙම වෙන්ට උන් හිතන්නේවත් නැත. උන්ට ඕනෙ උන්නේ අබිමානය විතරය. මෙච්චර මේ සුදුමහත්තුරුං කියාපු ඉතිහාසය ඒකුං තබේකට මායිං කොරන්නේ නැත. මේකුන්නං යක්කුංම තමයි ය. උන්නාන්සේ ආකාරවතී සද්දාවත් අමූලිකා සද්දාවත් වෙන්කොර අදුනගන්ට යස උපැහැරනයක්ද කියා තිබෙනවාය.දැං ඉතිං පොඩි එකෙක්ගෙං උනත් ඒ පුරස්න දෙක ඇහුවාම උත්තර දෙන්ට ලේසිය. ආකාරවතී සද්දාව යනු, අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන ඒවා පිලිගන්නා උන්‍ ය. අමූලිකා සද්දා කියන්නේ අර පතිරආරච්චිලා ගයානයලා සිරිදම්මලා මීවනපලාගෙන කන උන්නාන්සේ ලා කියන ඒවා පිලිගන්නා එව්වංය. මේ තරං සරලෙං ඉගෙනගන්ට වාසනාව ලැබෙන්නේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ට පිංසිද්ද වන්ටය.දැං ඒකත් හරිය. ඒකටත් වඩා පුරස්නයක් උන්නාන්සේ ගේ දිවිය නේත්තරයට පෙනී තිබෙනවාය. ඒනං මේ රාවනාකාරයිං කිසි එකෙක්ට අද්දියාපනයක් නැත.ඒකුන් නිකං ගොඩේ හම්පඩයිං ය. ඇටිකෙහෙල් ගොබිලං ය. කාලකන්නි අසික්කිතයිං ය. ත්‍රීවිල්කාරයිං හෝ ලොරි ඩැයිවරලාය. උන්නාන්සේ මේ හෑම එකා ගැනම වෙන වෙනම හොයා බලද්දී මේකුං කමකට නැති අමනයිං සෙට් එකක් බව උන්නාන්සේ ගේ දිවිය නේත්තරයට පෙනී තිබෙනවාය. ඒකුං කැම්පස් එකක් දැකලාවත් නැතුවාය. ඒකුංට මද්දියස්තබාවයක් කොහෙත්ම නැතුවාමය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ මද්දියස්තබාවය ගැන රටම දන්නවාය. උන්නාන්සේ කාගේවත් හිතක් ඩිංගිත්තක්කත් රිද්දන්නේ නැත. එව්වා මහ පජාති වැඩය. රාවණා එව්වං හෙනට රිද්දනවාය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ගෑනු දරුවෙකු වගේය. අනේ මොලකැටි උන්නාන්සේ රිද්දන්නේ තොපි මොන හිතිංද කියා මටනං හිතාගන්ට බැරුවාය. බුද්දිය, දැනුම හෝ සත්තිය මූලික කොරගත් ගවේසන කරමවේදයක් නැතුව මේකුං    හැඟීම මූලික කොරගෙන ඇදහිල්ලක ඉන්න බව උන්නාන්සේ කියනවාය. මේ රාවණා එව්වංට කිව්වාට තේරෙන්නේ නැත.ඒකුං ගස් ගල් ම වඳිනවාය. උන්නාන්සේ බෝගහට පෙරලි පෙරලී වඳින්නේ ඇයිද කියා වගේ කඩප්පුලි කතා තොපිලාගෙ හැකර කොමට අහනවා එහෙම නෙමෙයිය. සුදු නූල් අතේ ඔතන්නේ ඇයිද කියා ඒම අහනවා නෙමේය. පරිනාමයෙං අගතැන්වෙච්චි සමාජෙක එහෙම එව්වායේ තාස්සනික බාවිතාව තොපිලාට තේරුං යන්නේ නැත......උන්නාන්සේ ඊට පස්සේ අපිව මුහුද වෙත එක්ක යනවාය. උන්නාන්සේ කොයිතරං කරුනාවන්තද කියා තොපිට තේරෙන්නේ නැත. මම දැං අවුරුදු ගානකිං මූද දැක්කේ නැතුවාය. දැං ඒකත් උන්නාන්සේ හින්දා දකිනවාය. ඒ උන්නාන්සේ මාලු අල්ලන හැටි ගැන කියා මතවාද ගැන කියනවාය. මටනං හිතෙන්නේ උදාහරුනේ තරමට කියන්ට යන කේ ගොබ්බකොමක් තියෙනවා වාගේය. වැරැද්දක් කියවුනානං සමාවෙන්ට ඕනෑය. උන්නාන්සේ කියන ආකාරයට බුදුන් වහන්සේද දාන්ට ඇත්තේ දැලක්මය. ඒ දැලට හිතුව තරං එව්වං අහුවෙන්ට නැතුවා වෙන්ටත් පුළුවන් ය. ඒ වුනාට එහෙව් කතානං මං අනුමත කොරන්නේම නැත. අප මහා Vajrapani Indra උන්නාන්සේ ට වඩා ඉතිං බුදුන්නාන්සේ වැඩි හොඳ ඇති කියා මට හිතෙනවාය. ඒ නිසා ඒ උපහැරනේනං ගොබ්බ එකකි. මූදෙ ගියේ අපරාදේ වගේ හැඟීමක් එනවාය. නිකං මූද පෙන්නන්ට එක්ක ගොහිං වැල්ලේදී බෙට්ටක් පෑගුනා වාගේය. අප්සෙට් ය. උන්නාන්සේ ට පරිනාමවාදය සුවර් ය. මොකොද උන්නාන්සේ චාල්ස් ඩාවිං උන්නැහේ එක්ක නැවේ එකට ගිය උන්නාන්සේ කෙනෙක්‍ ය. චාල්ස් උන්නැහැ කලු වදුරන් දුඹුරු වඳුරන් එහෙම දකිද්දී ඉස්සෙල්ලාම පෙන්නුවේ අපේ උන්නාන්සේ ටය. පරිනාමය වෙනවා උන්නාන්සේ දෑහිංම දැක්කාය. උන්නාන්සේ කියන එව්වා වෙලාවකට උන්නාන්සේ ටම පැටලෙනවාය. එකපාරක් සිංහයාගෙං පැවතෙන බව කිවුවාය. ඒ පාර රිලවෙක්ගෙං එන බව කියනවාය. කොයි හැටියට කොහොම උනත් උන්නාන්සේ කියන්නේම උන්නාන්සේ තිරිසං සතෙක්ගෙං පැවතෙනවා කියාමය. උන්නාන්සේ මේ ලෝකේට ජාතක කළ පියතුමාට පොලොව පලාගෙන යන්ට හිතෙනවා වෙන්ට ඕනෑය. මේකා දසමාසයක් බඩේ තියා වැදුවාට වඩා ඒ දවස්සලම රිලවෙක්ටම දීලා දැම්මානං එකක්‍ ය කියා ඒ මෑනියංටද හිතෙනවා ඇත. ඒකුං එකෙට්ටවත් මුන්නාන්න්සේ ගේ මහා දැනුම ගැන තේරෙන්නේ නැතුවාය. අවරෝහනයට යන්ට හදන සමාජයක් ගලවගන්ට කොරන කැපකිරීමක් බව ඒකුන් තේරුංගන්නේ නැත. රාවණා කාරයිං කොරන්නේ මේක ආයේම ගල් යුගයටම දක්කාගෙන යන්ටය. ඒකුං ගල්ගුහා පෙන්නන්නේ ඒකය. පුරාවිද්දියාවෙන් ගල්ගුහා පෙන්නුවාට අවුලක් නැත. මේකුංට එව්වා කොරන්ට දෙන්‍ට බැරිය. ඒකුං දෙකොන වහගෙන ඉන්ට ඕනෑය. වෙන්ට ඕනෑ, එකම බුකීවීරා ලෙස විරුදාවලී ලැබියයුතු අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන හැටියට සේරෝම සිදුවීමය.... Vajrapani Indra උන්නාන්සේ මතුවටත් ඔය කියන සබ්බියකොම උන්නාන්සේ ගේ පෝස්ටුවල රකිනවාදැයි තොපි බලා ඉන්නවා එහෙම නෙවෙයි ය. මේ තරං ලියා කියන්ට හදන දේ තේරුංගන්ට ඕනෑය. සුදුමහත්තුරුං අපට කියාදුං ඉතිහාසය අප මහා Vajrapani Indra උන්නාන්සේත් ලෙසටම පොත්වොලිං කොපිකර දමනවාය. එව්වාට වෙලාව ගතවෙනවාය. තොපි මෙව්වායිං ආතල් ගන්නවා එහෙම නෙමේය. දෙන්නේ තොපිට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්ටය.

Comments

  1. බුදු අම්බේ ඔහොම රෙදි ගලවන්න එපා බන් උ පව්. උබට සාප කරාවි ඈ. :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --