-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ දරුම ඥානය --

-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ දරුම ඥානය --

Vajrapani Indra උන්නාන්සේ ට ඇත්තේ එසේ මෙසේ මොළයක් නං නෙමේය.ඒක මොළ ගෙනාපු නැවක්‍ ය. ඒ නැව ටයිටැනික් එක වාගේ මුහුදේ ගිලිච්ච හන්දා මිස ලෝකයාට උන්නාන්සේ ගේ මොළ නැවේ තරම පේන්ට පටන්ගන්නවාය. ඒ වුනාට උන්නාන්සේ ගේ හෑම වචනයකම තියෙන්නේ දරුමය වෑහෙන කරුනාබරිත බවක්මය.සිරි සදහං ආස්සරමේ මහනායක තැන දන්න උලව්වක් නැති බව Vajrapani Indra උන්නාන්සේ ගේ වචන වලිංම පේනවාය.මං කියන්නේ බොරුවක්නං නිකමට දෙන්නාගෙ බන අහල බලන්ට ඕනෑය. අර උන්නාන්සේ ගේ බන ඇහුවාම කල්පනාකොරන්ට ඕනෑය. ඒ වුනාට අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ බන ඇහැව්වාම කල්පනා කොරකොරා ඉන්ට දෙයක් නැත. හෑම වචනයක්ම ආතල් ය. පිස්සු හැදෙනවාය. මේ දැං නිවං යන්ට හිතෙනවාය. උන්නාන්සේවද නිවං යවා අපටත් නිවං යෑමට හිතෙන තරමේ මරාගෙන මැරෙන දරුම වින්දනයක් ඇතිවෙනවාය. බුදුන්නේ දරුමය මෙතරංම මයිත්තිරිය වෑහෙන බව මට ඒත්තුගියේ Vajrapani Indra උන්නාන්සේ ගේ බන කතාවක් ඇහුවාමය. උන්නාන්සේ ට අනුව සිරිසදහම් ආස්සරමේ ඉන්නේ හොටු ධම්මය. ඒම කියන්නේ නිකම්ම නෙමේය. මේ කොරෝනා වසංගතේ PCR පරියේසන කොරන්නේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ අදීක්සනයෙන්‍ ය. සිරිසදහම් ආස්සරමේ මහ උන්නාන්සේ ගේ එක කොලේ මුන්නාන්න්සේගේ දෑතිංමය. ඒක හොටු වලින් කොරපු හින්දා ඒම කිවුවා වෙන්ට බැරි නැත. සිරිසදහම් ආස්සරමේ මහ උන්නාන්සේ ගේ හොටු දාතුවක් Vajrapani Indra උන්නාන්සේ ගේ ලග කරඩුවක දමා තියාගෙන ඉන්නවාද වෙන්ට බැරි නැත. උන්නාන්සේ කියන හැටියට මේක හොටුධම්මගේ ටර්න් එකය. Vajrapani Indra උන්නාන්සේ දන්නේ නැතුවාට අප මහා Vajrapani Indra උන්නාන්සේ ට අපේ සනුහරේ එවුවං සේරෝටම වඩා ආදරේය. ඉතිං උන්නාන්සේවත් නොදනම දැන් ඇවිත් තියෙන්නෙ උන්නාන්සේගේම ටර්න් එකය. මේකේ මඩ නැතුවාමය. තියෙන තරමක් තියෙන්නේම Vajrapani Indra උන්නාන්සේ ලෝ සතුනට මේතාක් මුදාහල කරුනාබරිතකොමමය. දැං ඒක උන්නාන්සේට ම මුදාහරිනවාය. මම මේ ලියන්නේ නිකොමටය. මේක පටංගන්නේ අපේ Vajrapani Indika යා ආවාමය.  ඌ උන්නාන්සේට පන ඇරලාය. උන්නාන්සේ ගේ නාහේ මැස්සෙක් වැහුවාය හිතුවොත් අපේ ඉන්දිකයා කඩුවෙං නාහෙට කෙලලා අරිනවාය. ඒකා ඒ තරමටම ලෙංගතුය. Vajrapani Indra උන්නාන්සේ ට ඒක බලාගන්ට තව තීන්නේ දවස් කීපයක් විතරය. කහපාට තැබිලිපාට ඇදුං කොයිතරං ලස්සනද කිය කියා අපේ ඉන්දිකයා මිදුලට වෙලා ඇගිල්ලෙං ඉරි අඳිනගමං ඔහේ අහස දිහා බලාන ඉන්නවාය. ඒකනං ඒම කියන්නේ මොකොද කියා මට තේරුංගියේ නැත. කොයි හැටි වුනත් Vajrapani Indra උන්නාන්සේ ගේ ගුනකඳ නිමක් නම් නැත. මං මේ එහෙං මෙහෙං ලිවුවාට අපේ ඉන්දිකයා ආවාම උන්නාන්සේ ගේ උපතේ ඉඳං අද වෙනකම්ම පිලිවෙලට ලියනවාය. ඒක රං අකුරිං බුකියේ ලියවෙනවාය. එතකොට ඔය දරුම විකුරුතිකාරයින්නේ රෙද්ද ගැලවෙනවාය. සිරිසදහම් ආස්සරමේ මහ උන්නාන්සේ ට දැං ඉතිං අබසරනය. අපට Vajrapani Indra උන්නාන්සේ ගේ සරනය.....

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

-- විසේස නිවේදනයයි --