හිස් මොළ vs පිරුණු මොළ

සකල ලෝක පූජිත, සරුව ගුනෝපිත, අප මහා Vajrapani Indra බුකීවීරානංවහන්සේ පහුගියදාක දමා තිබූ පෝස්ටුවක් කියවා මට ලෝකෝත්තර වැඩක් සෙට්වුනාය. ඒ උන්නාන්සේ ඒ පෝස්ටුවේ " හිස් මොළ vs පිරුණු මොළ " කියා දමා තිබෙනවා දැක මාව එකපාරොටම හැරමිටිය උඩ ඉන්දිලා බ්‍රේක් ඩාන්ස් එකක් දැම්මවිලා එතනම හැරමිටියත් එක්කම පත්බෑවිලා වැටුනාය. ඒ උන්නාන්සේ කාටවත් මඩ ගහන්නේ නැතුවාමය. ඒත් එතරං සද්ගුනෝපේත උන්නාන්සේට කවුරුන් හෝ ගොබිලන් ටිකක් කෝචෝක් දාලාය. උන්නාන්සේ හෙන පව් ය. උන්නාන්සේ උක්කුං බබාය. තොපි එය නොදත්තාට මං දන්නවාය. ඔය ටෝක් දුන්නාට පොඩ්ඩ ඇත්තං කොට්ටෙ බදාගෙන අඩනවාය. කොටිංම රෑට හුජ්ජ බරක් ආවත් දොට්ට පිලට තනිපංගොලොමේ යන්ට උන්නාන්සේ බය ය. ඒ හින්දාම කලිං වලඳාපු මාතර කිරි හට්ටියක් ඇඳ ළඟ තියං ඉන්නවාය. එහෙව් අහිංසකයාට මඩ ගහන එව්වන්ටනං හොඳක් වෙන්ට බැරිය. ඒ උත්තමයා කාටහරි මඩක් ගැහුවානං ඒ උත්තමයාගේ කට හතරට පැලෙන්ඩ ඕනෑය.ඒත් කවදාවත් ඒකනං වෙන්නේ නැත. උන්නාන්සේ මෙපමනටම සාක්කි පෙන්නා තිබෙන නිසා දරුමය විකුරුති කොරන උන්ටත්, ගොබ්බ රාවනා පචෝරිස්ලාටත්, ජම්බු දීපු රට මේක කියන එව්වන්ටත් දැං ඉතිං උංහිටිතැන් නැතුවාය. හිස් මොල කියා උන්නාන්සේ කීවේ ආං උන්ටය. එතකොට පිරුනු මොල කීවේ උන්නාන්සේ ගේ එකටය. ඒකත් බාගවිට ඇත්තමය. මං ඊයෙ හදාපු පරිප්පු හොද්ද රෑ පිරුනු වෙලාය. පෙරෙයිදා හදාපු මාලු හොද්ද ඊයේ පිරුනු වෙලාය. ඒ අරුතයෙං ගත්තාම Vajrapani Indra උන්නාන්සේ ගේ මොලේ පිරුනුයි කියා උන්නාන්සේ ම කිවුවේ ඇයිද කියා මං අගුපිලේ ඉඳගෙන කෙස් වල්ල ඇද ඇදා උකුනො අල්ලා හපමිං කමිං කල්පොනා කොරනවාය. ඒ කොයි හැටි වුනත් උන්නාන්සේට සම එකෙකු පේස් බුකියේ නැතිය.තොපේ කඩප්පුලිකොමට, " ඔච්චර සාක්කි දාපු එකේ Vajrapani Indra උන්නාන්සේ ගේ මූනත්තහඩුවේ පොටෝ එකකුත් සාක්කියක් හැටියට දීපංකො " කියා කියනවා එහෙම නෙවෙයි ය. තොපිට ඒ පන්ඩිතකම් වලින් වැඩක් නැතුවාය.මල පැන්නොත්  අරින්නේ දන්ත දාතුන් දෙනමක් තුන්නමක් උදර මලුවට වඩින්ටය.

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

-- විසේස නිවේදනයයි --