වජිර පානිය දමා ඉන්ද්ර ගෙං දූරියං ඉල්ලං කෑ පුරුද්ද
අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ ගුණ කඳ කවදා කියා නිමකරන්ටදැයි කල්පනා කොරකොරා ඉන්නකොට මට තව එව්වා එකක් මතක්උනාය.ඔය Vajrapani Indra උන්නාන්සේ ලේසිපාසු නැත.දවසක් උන්නාන්සේ ලෝකේ දිහෑවෙ බලනකොට ජයරත්න පතිරආරච්චි කියා ගොබිලෙකු ලංකාවේ බුදුන් උපන්නාය කියා මැරන්ට හදනවා දුටුවාය.ඒ වෙලාවේනං උන්නාන්සේ ගේ මලම පැන්නාය.මේ නම් දඹදිව වන්දනා සීන් එකටත් කෙළවෙන පොටක් තමයි කියා දිවැසිං දැක්ක උන්නාන්සේ අරිමි ජයරත්නයාට කියා පේස් බුකියට නැංගාය.නැගලා ජයරත්නයා සොයා ඉහල ආකාහෙං ගියාය.ගෙහුං ජයරත්න පතිරආරච්චියාගේ කංකෙටියෙං අල්ලා බුකියට ඇදගෙන ආවාය.යද්දි ආකහෙං ගියාට එද්දි ආවේ ජයරත්නයාගේ ලොරියේය.ඉං පස්සෙ උන්නාන්සේ ජයරත්නයා දමනය කොරන්ට හිතලා ජයරත්නයා ගේ පැටිකිරිය දිගඇරියාය.ඒකා මහාචාරිය කිවුවාට ඌ ලොරි ඩැයිවරයෙක් කියා උන්නාන්සේ ගෝරනඩු කොළාය.ජයරත්නයා බයවෙච්චි බයවිල්ලට Vajrapani Indra උන්නාන්සේ ගේ රෙද්ද පල්ලේම රිංගා හැංගෙන්ට වුණාය.ජයරත්නයා ගේ කටද හොඳ එකක් නූනාට ඒකා උන්නාන්සේට මොකක්වත්ම තාම කිවුවේ නැත.ඒකෙං මේකෙං උන්නාන්සේ ගේ රැස්මාලා දිවිය තල විදගෙන යන්නා වාගෙ උන්නාන්සේට දැනෙන්ට ඇත.ඒකෙන් එහෙම චූං වී උන්නාන්සේ එක දිගට පචෝරිස්ලා සෙට් එකකටම නෙළුවාය.බුදුං උපන්නේ මේ රටේනං ඒක අපේ වාසනාවය.ඒත් අප මහා Vajrapani Indra උන්නාන්සේ ඒක එහෙම නෙමෙයි කියනවානං ඊට එහා වචනයක් ලොවෙත් නැත.උන්නාන්සේ බුදුං උපන්නේ ලංකාවේ නොවෙයි කියන්නේ නිකම්ම නොවේය.ඒක දෑහිංම දැකලාය.ඒ ගැන අපේ ඉන්දික කොලුවා මට කියපු කතාව මං තමුන්නැහැලට කියන්ටම ඕනෑය......
......... ඕං මේ අදිං අවුරුජු දෙදාස් ගානකට කලිංය.සිද්ධාර්ථ උත්තමයෝ බුදු වී මිස නොනැගිටිමි කියා බෝරුක මුල මහා අදිස්ටානයකිං වැඩහුන්නාය.......ඔය කතාවෙ කවුරුවත් දැක්ක නැති පැත්තක් තියෙනවාය
.ඔය බෝ රුක ගාවා තවත් ගහක් තිබුණාය.ඒ දූරියං ගහක් ය.මේක නිකම්ම දූරියං නොවේය.අසිරිමත් දූරියං ගහක් ය.ඒකේ රුක් දෙයියෙක් ඉන්නවාය.ඒ උන්නාන්සේ ගේ නම ඉන්ද්ර ය.ඒකේ දූරියං කන්ට හැමදාම රිලවෙක් එනවාය.උගේ නම වජිර ය.මේ වජිර කියන රිලවා හැමදාම මේ ඉන්ද්ර කියන රුක් දෙයියාට පානිය දමා දූරියං ගෙඩියක් කනවාය.ඒ හින්දා හැමෝම වජිර පානිය දමා ඉන්ද්රගෙං දූරියං ඉල්ලා කනවායැයි කියන්ට උනාය.එදත් මේ වජිර නම් උතුං රිලවා දූරියං කන්ට ආවාය.....ඒ එද්දි අපමහා බුදුං වහන්සේ මරුන් පරදා පහළවෙන වෙලාවය.වජිර රිලවා මේ සිද්දිය දෑහිංම දැක්කාය.ඒක අමතක කරන්ට කවරම දාකවත් බැරිය.ඉතිං අදත් Vajrapani Indra කියා නම දාගත්තේද නිකං නෙමේය කියා තමුන්නැහැලාට තේරෙනවා වෙන්ට ඕනෑය. ඒ වජිර පානිය දමා ඉන්ද්ර ගෙං දූරියං ඉල්ලං කෑ පුරුද්දය......දැං මං අහන්නෙ බුදුං උපන්න එක ගැන තක්කෙටම උන්නාන්සේ ඇර මේ ජයරත්න ලා වාගෙ ලොරි ඩැයිවරලා දනීද කියාය.ජයරත්නයා දන්නේ සෙල්ලිපි කියවන්ට විතරය.ඒකත් වැරදිය.😁ඒත් අපේ උන්නාන්සේ සෙල්ලිපි ලියන්ටද දස්සය.අනේ එවන් මහා උත්තමයෙක් ලබන්ට රටක් පිං කොරන්ට ඕනෑය.😬තොපි මේකට හිනාවෙන්ට ලෑස්ති වුණොත් කෙළින්නේ හොම්බ ඇදවෙන්ටය.😠

Comments
Post a Comment